අඳුර දුරලා ආලෝකය ලබාදෙන දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

අඳුර දුරලා ආලෝකය ලබාදෙන

ලොව පුරා විසිරී වාසය කරන හින්දුන්ට වර්ෂය පුරාවටම නොයෙක් ආකාරයේ හින්දු උත්සව උපවාස, පූජාවිධි පවත්වති. සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මාසයේ එසේත් නැතිනම් ‍ෙනාවැම්බර් මාසයේ එළැඹෙන මාසයේ පෝය දිනය අමාවක දිනයට යෙදෙන දීපාවලිය හින්දුන් ඔවුන්ගේ විශේෂ උත්සවයක් සේ සලකති. මෙම දීපාවලිය සැමරීමට හේතු ගණනාවක් කන්ද පුරාණ කතාවලත් හින්දු පුරාණ කතාවලත් දක්නට ලැබේ.

මෙයින් ප්‍රධාන කතාපුවත හැටියට දමිළ හින්දූන් පවසන්නේ නරක අසුරයාගේ කතාවයි. මෙම නරක අසුරයා බිහිවූයේ මහ විෂ්ණු දේවියන්ට සහ භූමා දේවියටත් දාවය. භූමා දේවිය හින්දුන් අදහන දෙවඟන සිංහල අප හදුන්වන්නේ පොළොව මහීකාන්තාව ලෙසය.

ශිව දෙවියන්

මෙසේ බිහිවූ නරක අසුරයා ශිවදෙවියන් වෙතට ගොස් බොහෝ සේ උපවාස කළේය. මෙසේ උපවාස කළ නරක අසුරයාට අසීමිත බලයක් සිව දෙවියන් විසින් ලබා දුන්නේය.

මෙසේ ඔහුට අසීමිත බලයක් ලබාදුන්නේ ඔහු ඉතා හොඳ කල්කිරියාවකින් පසු වූ නිසාය. මෙසේ ඔහුට ලැබුණ අසීමිත වරම දිව්‍ය ලෝකයත්, සුරලෝකයේත්, අසුරලෝකයේත් මනුෂ්‍ය ලෝකයේත් නොමැති බව හින්දු පුරාණ ග්‍රන්ථ සහ සෘග් වේදය පෙන්වා දෙයි. මෙම වරමින් නරක අසුරයා අයුතු ප්‍රයෝජන ගත්තේය.

මේ නිසාම මනුලොව මිනිසුන්ටත් දෙවි ලොව දෙවියන්ට අසුර ලොව අසුරයන්ටත් මාරක අසුරයා නොයෙක් වද දුන්නේය. මෙසේ වදයට පැමිණි මනුෂ්‍ය අමනුෂ්‍ය කොටස් නරක අසුරයාගෙන් මිදීමට නොහැකිවිය.

මනුෂ්‍ය ලෝකයේ දේවාල කෝවිල්වල පුද පූජාවන්ට පවා නරක අසුරයා තහංචි පැනෙව්වේය. එම නිසා කෝවිල් දේවාලවල කිසිදු පුද පූජාවක් පැවැත්වූයේ නැත. මොහුගේ වදහිංසා ඉවසීමට නොහැකි වූ මනුෂ්‍යයෝද අසුරයෝද දෙවියෝද සුරයෝද මහා විෂ්ණුගෙන් නරක අසුරයන්ව විනාශකර දෙන ලෙස ඉල්ලීමක් කළේය.

එසේ කළේ ඔහුව විනාශ කළ හැක්කේ විෂ්ණුට පමණක් බව ශිව දෙවියන් නියමකළ නිසාය. මහා විෂ්ණු සියලුම දෙනාගේ ඉල්ලීමට කන්දී නරක අසුරයාව වදයට පමුණුවා ජීවිතක්ෂයට පමුණුවන ලද්දේය. එසේ පමුණුවන ලද දිනයේ දී නරක අසුරයා තම පියා වන මහා විෂ්ණුනාන් ඉල්ලීමක් කළේය. මෙම ඉල්ලීම නම් තමා මරන දිනය කාටත් සිහිපත් වීම පිණිස සෑම නිවසකටම පහනක් දල්වා ආලෝකවත් කරන ලෙසය.

ඒ අනුව හින්දු බැතිමත්හු මෙම දිනය මෙසේ සමරති. එහිදී හින්දුන් කියන්නේ “ඉරුෙලෙ අහට්ට්‍රි ඔලළිසේයි වීඩිය නාල්” කියලාය. මෙහි අදහස වන්නේ අඳුර පලවා හැර ආලෝකය මතුවූ දිනය මේ යන්නයි.

මෙයින් හින්දු භක්තිකයෝ තවත් අදහසක් පෙන්වා දෙති. එනම්, අයහපත් ගති පැවැතුම් අදුරුකර නොදන්නා කම තුරන් කර අදුර නැති කර ප්‍රඥාව පහළ වූ දිනය ලෙසද හඳුන්වති.

ආලෝකය

දීපාවලී යන්නට තවත් තේරුමක් හින්දු බැතිමත්හු සපයති. එනම් දීප යන්න ආලෝකය ‘ආවලිි’ යනුවෙන් හදුන්වන්නේ පේලියයි.

එනම් දීප + ආවලී = දීපාවලී වේ. එනම් ආලෝක පේලිය යන අරුත ද දෙනු ලබති. එනම් මෙහිදී නරක අසුරයා කළ ඉල්ලීමට අනුව ඔහු වෙනුවෙන් ආලෝක පේලියක් අල්වති.

ශෛව ආගම් ලබ්දිකයෝ තවත් අරුතක් දීපාවලියට සපයති. ඒ අනුව “ගෞමාරනෙරි” නැමැති පඬිවරයා දීපාවලී යන්න මෙසේ විග්‍රහ කරනු ලබයි. ශිව දෙවියන්ගේ නළල් තලයේ අක්ෂියෙන් (තිනෙත් නෙත් තුනක් ඇත්තේ තිනෙත් ඊශ්වරයා) නිපන් රශ්මි දහරාවෙන් ශ්‍රී ආරුමුග නැමැති දෙවියන් ඉපදී ඇත. (ආරුමග දෙවියෝ කතරගම දෙවියන්ට කියන තවත් නමකි) එමනිසා මෙම ආරුමුග නැමැති දෙවියන් ආලෝකයේ දෙවිඳු ලෙස හදුන්වති. මෙම දෙවියන්ට ආලෝක පූජාවක් කිරීම දීපාවලිය ලෙස ඔවුහු හඳුන්වති.

වයලූර් වල්ලාල් ශ්‍රී රාමලිංග අඩිගල් පඬිවරයා කියන්නේ “ආලෝකා උදපාදි ඥාණං උදපාදි” යනුවෙනි. මෙයින් හැගෙන්නේ ආලීකය උපදාන දින ඥානය උපදින දිනය වේ. එම දිනය දීපාවලී දිනය බවයි. එනම් ආලෝකය පහළ වූ දිනය මිනිසාට ඥානය පහළ වූ බව ඔහුගේ මතය වේ. එනම් ජීවිතයේ අදුර දුරුකර ආලෝකය මතුවූ දිනය දීපාවලී දිනය යන්න ඔහු එයින් ගම්‍ය කරයි.

“මහා ලක්ෂ්මිය” යනු හින්දුන්ගේ පමණක් නොව සිංහලයන්ටද ඉසුර ගෙන දෙන දෙවගනක් ලෙස විශ්වාස කරති. එම නිසා මහා ලක්ෂ්මීට පූජා පැවැත්වීමට වෙනුල වශයෙන් සිදුකරනු ලබති. එය හින්දුන්ට පමණක් සීමා වූ පූජා විදි ක්‍රමයක් නොවේ. මන්ද ලක්ෂ්මි විසින් එකල මිනිස් වර්ගයාටම ඉසුරු ගෙන දෛන දෙවගනක් බැවිනි. එම නිසා දීපාවලී දිනය මිනිස් සංහතියේම අඳුර නසා ආලෝකය ලබාදෙන දිනයක් බැවින් වි‍ෙශ්ෂයෙන් හින්දුන් මහා ලක්ෂ්මි පිදීමට මෙම දිනයේදී අමතක නොකරති.

මහා ලක්ෂ්මීගෙන් සෑම ජන දිවියකටම ඉසුර සලසා දෙන බව හින්දුන්ගේ විශ්වාසයයි. විශේෂයෙන් ලක්ෂ්මිය පෙර දැරි කරගෙන හින්දුන් විශේෂ පුද පූජාවන් පවත්වනු ලබන්නේ, දීපාවලී දිනයේ අඳුර පමණක් නොව අගහිගකම්ද මගහැරී සකල මිනිස්වර්ගයාටම ඉසුර ලබා දීමට මෙම දිනයේ දී ලක්ෂ්මී පිදීමෙන් හින්දුන්ට හැකිවන බව ඔවුහු විස්වාස කරති.

ප්‍රජා විදි ක්‍රම

දීපාවලි දිනයටම විශේෂ වූ ප්‍රජා විධික්‍රම කීපයක් හින්දු ධර්ම චාරිත්‍ර විධිවල දක්නට ලැබේ. එනම් ඉහතින් සඳහන් කරන ලද ලක්ෂ්මි පූජාව, නරක සදුර්ති, සමන්තවවලිපාඩු යනුවෙන් හින්දුන් ඒවා නම් කර ඇත. සාමාන්‍යයෙන් මෙම පූජාවිධි ක්‍රම දින හතරකින් සමන්විත වී ඇති බැවින් එක් එක් දිනයට ඒ ඒ පූජාවන් සිදුකරනු ලබති.

ඒ අනුව දීපාවලී උත්සවය නිමිත්තෙන් දින හතරක් තිස්සේ පූජාවෙන් පවත්වනු ලබන උත්සවවලින් පළමුවැන්න හින්දුන් සිදුකරනු ලබන්නේ ලක්ෂ්මි දේවිය උදෙසාය. එසේ සිදුකරනු ලබන්නේ ලක්ෂ්මි ඉසුරට අධිපති දෙවඟන නිසාය.

විශේෂයෙන් ව්‍යාපාරකයෝ මෙම දිනයේදී මුදල් සම්බන්ධ සිදුකිරීමට ව ්‍යාපාරික ප්‍රජාව අමතක නොකරති. විශේෂයෙන් දෙමළ හින්දුන් බැංකු ගිණුම්ද විවෘත කරති.

දෙවැනි දිනය නරක අසුරයා මරණයට පත්වූදිනය ලෙස සලකති. මෙම දිනයේදී ඉතා සතුටින් නෑදෑ හිතමිතුරන් ආශ්‍රය කොට නැති බැරි අයට යමක් දීම මෙන්ම දුගී මගී යාචකාදීන් සියලු දෙනාට සැලකීමද සිදු කරති.

තෙවැනි දිනයේදී තෙල් ගල්වා ස්නානාය කොට පහන් පේලි වශයෙන් දල්වා පුද පූජා පවත්වති.

හතරවෙන දිනයේදී සිදුකරනු ලබන සිරිත් විරිත් අතර ප්‍රධාන තැනක් ගනු ලබන කිරිබත් හින්දු පූරාණයේ ඇත. එම කතා පුවත මෙසේය.

“යෙමන් හෙවත් යමගේ සහෝදරිය වූ ‘යමුනාට’ ඔහු විසින් තෑගි බෝග ලබාදෙන්නේය. එම කතාව සිහිගන්වමින් සෑම හින්දු නිවසකටම සිටින පිරිමි දරුවන් තම සහෝදරියන්ට තෑගි බෝග ලබාදෙන්නේය. මේ අසුරින් දීපාවලිය සිහිගන්වමින් හින්දුන් මෙම උත්සවය සමරති. දීපාවලිය ලොව සෑම මිනිසකුටම ඉසුරත්, ඥානයත්, ජීවිතියට ඇවිසි සියලුම දෑත් ලැබෙන බව හින්දු බැතිමත්හු විශ්වාස කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා