නාන තොටේ එබිකම් පෑ ‘නිංජා’ ගැටයාට යස පාඩමක් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

නාන තොටේ එබිකම් පෑ ‘නිංජා’ ගැටයාට යස පාඩමක්

සෑමදාම කාන්තාවන් දිය නාන හැටි එබිකම් කරමින් බැලූ තරුණයකුට තරුණියක් විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ සිද්ධියක් කෑගල්ලට නුදුරු ගමකින් වාර්තා වෙයි.

ගොවිතැන් බත් කරමින් පවුල් ජීවිකාව කරගෙන ගිය පවුලක සිටි එකම පුතාට උසස් අධ්‍යාපනයක් ලබා දීමට මවුපියන් බලවත් උත්සාහයක යෙදුණු නමුත් එය සිතූ තරම් සාර්ථක වී නැත.

පාසලෙන් අධ්‍යාපනය ලබා නිමවීමෙන් පසු ස්වයං රැකියාවක් සඳහා යොමුකිරීමට කෑගල්ල කාර්මික විද්‍යාලයකට යැවූ නමුත් මාස කීපයක් එහි ගොස් එය අතරමඟ නවතා දමා ඇත.

තරුණ වියට පා තබා ඇති මේ තරුණයා කඩපිල්වල රස්තියාදු වෙමින් තරුණයන් සමඟ කල දවස ගතකිරීමට පටන්ගෙන තිබේ.

මේ බව කණට වැටුණු මවුපියන් තම පුතාට විවාහ වීමේ කළ දවස උදා වී ඇති නිසා කපු මහතකුට කතාකොට හොඳ තැනකින් පවුලට ගැළපෙන පරිදි තරුණියක් සොයා දෙන ලෙසට දැන්වීය.

එවෙලේම කපුවා තම කෝට් සාක්කුවේ තිබූ පොත එළියට ඇද පෙරළා බලා කීවේ “ඕක මහ වැඩක් යෑ. හොඳ තැනක් තියෙනවා, සතියක් ඇතුළත මනාලිය බලන්න යෑමට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න” කියාය.

ඒ අනුව ඉතාමත් රූමත් තරුණියක් කරකාර බැන්ඳීමට යෝජනා වුණත් එය ද අසාර්ථක වූයේ තරුණයාගේ අකමැත්ත නිසාවෙනි.

මේ අතරතුර මේ තරුණයා විනෝදාංශයක් වශයෙන් ගමේ කැළෑ රොදක් අසල ඇති දිය පීල්ලකින් දිය නෑම කරන කාන්තාවන් දෙස බලා සිටීම පුරුද්දක් ලෙසට කරගෙන යන බව කව්රුවත්ම දැන සිටියේ නැත.

එහෙත් මේ අන්දමින් කැළෑ රොදට වී කාන්තාවන් නාන හැටි බලා සිටින බව වැඩි දිනක් ගතවීමට පෙර දිය නෑම කළ කාන්තාවන්ට දැනගැනීමට ලැබිණි.

මෙම ස්ථානයේ දිය නාන දඟකාර තරුණියක් තරුණයාට අමතක නොවන යස පාඩමක් උගන්වන්න ඕනෑ යයි සිතා දිනක් බාල්දියකට නිල්කුඩු දියකර මොහු වාඩිවී සැඟවී සිටින තැනට ඉතාමත් සූක්ෂ්ම අන්දමින් රහසේම ගමන් කර ඔලුවේ සිට ජල බාල්දිය වත්කර ඇත.

වහාම එතැනින් නැඟී සිටි තරුණයා ඇඟ පුරා වැටී තිබූ නිල් කුඩුත් සමඟම දිය පීල්ලට නෑම සඳහා පැමිණ සිටි කාන්තාවන්ගේ හූ හඬ මධ්‍යයේ එතැනින් පලා ගොස් තිබේ.

මේ වන විට තරුණයා බලවත් ලජ්ජාවට පත් වී නෑදෑ නිවෙසක සිටින බව දැනගන්නට ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා