හිත ඇත්නම් පත කුඩාද? ... දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

හිත ඇත්නම් පත කුඩාද? ...

පුංචි බංඩා මහතා

නියගය දවස්වල වගාවට වතුර නැහැ කියලා උද්ඝෝෂණ, පෙළපාලි, උපවාස කළා ගොවීන්ට අද ඇති වෙන්න වතුර තියනවා. ඉතින් වගා කටයුතු අරඹන්න පුළුවන් යැයි මැදිරිගිරිය පිනාමංකඩ ගොවි ගම්මානයේ බී.ඒ. ඇම්. පුංචිබංඩා ගොවි මහතා කීය.

ස්වභාවික විපත්වලට කවුරුවත් පලි නැහැ. පසුගිය නියඟය කාලේත් මගේ කුඹුර සරුවට අස්වැද්දුවා.

ජලය නැතිව වී වගාව මැරෙන්න මම ඉඩ දුන්නේ නැහැ. ළිදෙන් ඇදලා වගාවට වතුර දැම්මා. උද්ඝෝෂණ , පෙළපාලි උපවාස කළා නම් මට වතුර ඇදල වගාව බේරා ගන්න බැරි වෙනවා.

ඔය නියඟයට කලින් ලොකු ගංවතුරක් ඇවිත් මේ පාලම් පාරවල් කුඹුරු කඩාගෙන ගියා.

ඒ දුක්ගැටලු මැද තමයි පසුගිය නියඟයටත් මම මුහුණ දුන්නේ. මේ පාර ලොකු වැසි අපිට ලැබුණා. කුඩා වැව් පිරිලා. ඒ අවට අයට පුළුවන් වී වගා කටයුතු කරන්න. මේ බලන්න මේ කුඩා වැවත් පිරිලා. අපි කවුරුත් එක්ක එක්වෙලා වගා කරමු. ජලය අරපිරිමැස්මෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා