අලි කරදර හැමදාමත් නැතිද නිමක් කවදාවත් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

අලි කරදර හැමදාමත් නැතිද නිමක් කවදාවත්

උතුරු මැද හා වයඹ පළාත් ඇතුළු දිවයිනේ විවිධ පළාත් කිහිපයක මේ දිනවල බෙහෙවින් කථාබහට ලක් වී ඇත්තේ අලි-මිනිස් ගැටුම් පිළිබඳවයි.

පසුගියදා කරන ලද අලි ඇතුන් සංගණනයේදී එම වල් අලි සංඛ්‍යාව හය දහසක් පමණ වන බව හෙළිදරව් වේ.

ජන ගහනය වැඩිවෙත්ම කැලෑව එළි පෙහෙළිකර ගොවි බිම සකසයි. සැලසුමකින් හා ඉවක් බවක් නැතිව සිදු කරනු ලබන එම ක්‍රියාවලියෙන් වනය විනාශ වී යයි. ආහාර ජලය හා ඉඩ පහසුකම් අඩුවීම නිසා අලින් මෙන්ම අනෙකුත් වන සතුන් ගම් වදිති.

වනජීවි සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්මේන්තු මගින් අලි-මිනිස් ගැටුම අවම මට්ටමකට ගෙන ඒමේ ක්‍රියා මාර්ග ගණනාවක්ම ගෙන තිබීම ඉතාමත් ප්‍රසංශා කළ යුතුය. එහෙත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඇසට වැලි ගසමින් ඇතැම් පිරිස් සිය බඩ ගෝස්තරය උදෙසා එම ක්‍රියා මාර්ගයන්ට අවනත නොවී කටයුතු කරති.

ඔවුන් අලින් මෙන්ම වෙනත් වන සතුන්ද නිර්දය ලෙස දඩයම් කරනු ලබන අතර වට අඩි 4ක් පමණ වූ ගස් පවා දැව හෝ දර පිණිස කපා දමති. දැව ජාවාරම් කරුවන් මෙසේ මහ පරිමාණ ලෙස වනය වනසද්දී අවට ගම්වල පදිංචි ජන කොටස්ද හේන් කරමින් එම පරිමාණයෙන්ම වනය වැනසීමේ කාර්යට පිවිස ඇත. ඊට අමතරව අවට ගම් වැසියන් සිය නිවෙස් සෑදීමේ දී හා නිවෙස්වලට අවශ්‍ය ගෘහ භාණ්ඩ සෑදීමටද මහා පරිමාණයෙන් වනය විනාශ කරති.

වනඅලි නිරතුරුවම ආහාර ඌනතාවලින් පෙලෙති. මෙයට හේතුවද මිනිසාගේ යම් යම් නොමනා ක්‍රියාකාරකම්ය. දර අවශ්‍යතා උදෙසා ගස්වල පහත අතු කපා ගත් විට අලීන්ට සිය ආහාර අවශ්‍යතා සපරා ගත නොහැක.

මේ නිසා ආහාර හිඟ වීමෙන් ගමට එන අලින් හේන් ගොවිතැන් පාළු කිරීම අරුමයක් නොවේ.

අලි මිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය ගැන ගොවිජන සේවා හා වනජීවි නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙසේ කීය.

අලි-මිනිස් ගැටුම අවම කරන්න ජනාධිපතිතුමා සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

අලි සංරක්‍ෂණ උද්‍යාන හතරක් ඉදිකිරීමටත් නියමිතය. හෙක්ටයාර් දොළොස් දහසක භූ®මියක් මේ සඳහා සූදානම් කරමින් තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා සියයට හතළිස් හයක් වූ වනපෙත සියයට විසි එක දක්වා අඩුවෙලා අලින්ට පමණක් නොව සියලු සතා සීපාවට අද ජීවත්වීම අභියෝගයක් වෙලා ගල්ගමුව , හම්බන්තොට, මාදුරුඔය හොරොව්පතානේ අලි සංරක්‍ෂණ මධ්‍යස්ථාන මෙම වන සතුන් ජීවත් කිරීමේ භූමි බවට පත් කර සතුන්ට අවශ්‍ය කෑම වනාන්තරය තුළින්ම සපයා දීමටත් බලාපොරොත්තු වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා