ගල්කිස්සේ ටැක්සි මහත්තුරු විධිමත්ව ගාස්තු අයකරන්නේ නැතිලු දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ගල්කිස්සේ ටැක්සි මහත්තුරු විධිමත්ව ගාස්තු අයකරන්නේ නැතිලු

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය තුළ ධාවනය කරන ත්‍රිරෝද රථ විධිමත් ලෙස ගාස්තු අය නොකරන නිසා ජනතාවට ඉමහත් දුෂ්කරතාවකට මුහුණපෑමට සිදු වී ඇති බව නාගරික මන්ත්‍රී රුවන් ලියනගුණවර්ධන මහතා පුරපතිවරයා වෙත පැමිණිලි කර සිටියි.

මේ වන විට බලප්‍රදේශය පුරා ත්‍රිරෝද රථ හා ගාල්කරන ස්ථාන විශාල සංඛ්‍යාවක් පැවැතිය ද ඇතැම් ත්‍රිරෝද රථවල මීටර් සවිකර ඇති නමුත් ඒවායෙහි නිශ්චිත මිලක් සටහන් කර නොතිබීම ගැටලුවකි. මේවායේ අයකරන ගාස්තු එකිනෙකට වෙනස් අතර එකම ගමනාන්තයකට ත්‍රිරෝද රථ හිමියන් එකිනෙකා රු. 28 – 40 දක්වා එකිනෙකට වෙනස් මිල ගණන් අයකරනු ලබති.

‍ෙම් අතර මීටර් සවිකර නොමැති ත්‍රිරෝද රථ සඳහා නියමිත ගාස්තුවක් නැති බැවින් අඩි 50 ක් දුර ගියද රුපියල් 50 ක් අයකිරීම පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතු බවත් නාගරික මන්ත්‍රීවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා