සරසවි සිසු නායකත්ව වැඩමුළුවේ දෙවැනි අදියර අද සිට

සරසවි සිසු නායකත්ව වැඩමුළුවේ දෙවැනි අදියර අද සිට

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන නායකත්ව හැකියාව හා ධනාත්මක ආකල්ප පිළිබඳ පුහුණු වැඩමුළුවේ දෙවැනි අදියර අද (16) ආරම්භ වේ.

මේ සඳහා සිසුන් 7860 දෙනකු සහභාගී වන අතර දිවයින පුරා තෝරා ගත් කඳවුරු 22 දී වැඩසටහන පැවැත්වේ‍.

දෙවැනි අදියර සඳහා තෝරා ගනු ලැබු නවක සිසුන්ට ඒ පිළිබදව දැන්වීමේ ලිපි මේ වන විට තැපැල් කර තිබෙන අතර www.leadership.mohe.gov.lk වෙබ් අඩවියටද සිසුන්ගේ නාමලේඛනය යොමු කර තිබේ. දෙවැනි අදියරේ නායකත්ව පුහුණුව පෙබරවාරි 1 දා දක්වා පැවැත්වේ.

මේ සඳහා සහභාගී වීමේ ලිපි තැපැල් මඟින් නොලැබුණු අයකුට ඉහත වෙබ් අඩවියේ නාමලේඛනයේ පිටපතක් පුහුණුව ආරම්භක දිනයේදී තමාට නියමිත පුහුණු කඳවුර වෙත ලබා දීමෙන් පුහුණු වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව ලැබෙන බව උසස් අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී.ජී. ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙවර නායකත්ව පුහුණුව පැවැත්වෙන්නේ 2011 වසරේ අපොස උසස් පෙළ සිසුන් වෙනුවෙන් බැවින් මෙවර පුහුණුවට සහභාගී වු සිසුවකු 2012‍ හෝ 2013 වසරේ හෝ ඉදිරි වසරකදී නැවත උසස් පෙළට පෙනී සිට සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුහොත් නායකත්ව පුහුණුව ලද බවට මෙවර වැඩසටහනෙන් ලබා දෙන සහතිකය ඊට වලංගු වන බවද ඒ මහතා පවසයි.

නායකත්ව පුහුණු වැඩසටහනේ පළමු අදියර දෙසැම්බර් 27 වැනිදා ආරම්භ වු අතර ජනවාරි 12 දා අවසන් විය. මේ සඳහා සිසුන් 10000 ක් කැඳවා තිබුණු අතර 8169 දෙනෙකු ඊට සහභාගී වී සිටියහ‍. තෙවැනි අදියර සඳහා තවත් සිසුන් 5000කට අධික පිරිසක් කැඳවීමට නියමිත අතර පෙබරවාරී 12 සිට 28 දක්වා පුහුණුව ක්‍රියාත්මක කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා