හමුදාවෙන් පැන ගිය සෙබළුන් 33,530ක් නිත්‍යනුකූලව ඉවතට

හමුදාවෙන් පැන ගිය සෙබළුන් 33,530ක් නිත්‍යනුකූලව ඉවතට

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් තිස්තුන්දහස් පන්සිය තිහක් ඉකුත් වසර තුළ නිත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් කර තිබේ.

හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට නැවත භාර වන ලෙසත්, නිත්‍යානුකූලව ඉවත් විය හැකි බවත්, මාධ්‍ය මගින් දිගින් දිගටම අනාවරණය කිරීමෙන් පසු මෙම පිරිස 2012 වසරේදී පමණක් ඉවත් කර ගැනීමට හැකි වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා “දිනමිණ” ට ඊයේ (15) පැවැසීය.

හමුදාවෙන් පැන ගොස් නොයෙක් වැරදි කර ඇති පුද්ගලයන්ට මෙම අවස්ථාව ලබා නොදුන් බව ද වනිගසූරිය මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා