පොළොන්නරුවේ මාර්ග සංවර්ධනය පමා කළ නිලධාරියා සංවර්ධන කමිටුව හමුවට

පොළොන්නරුවේ මාර්ග සංවර්ධනය පමා කළ නිලධාරියා සංවර්ධන කමිටුව හමුවට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර් එකසිය තිස් අටක ප්‍රමාණයක් (138 km) කාපට් කිරීමටරජයෙන් මුදල් වෙන් කළ නමුත් මේ වන විට කිලෝමීටර් හතලිස් දෙකයි දශම තුනයි එකක් (42.31 km) වැනි අඩු සංඛ්‍යාවක් නිමා කර තිබීම හේතුවෙන් මාර්ග සංවර්ධන නිලධාරීවරයා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වෙත කැඳවන ලෙස පොළොන්නරු දිස්ත්‍රික් කමිටු සභාපති හා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපතිතුමා පොළොන්නරුවට පැමිණෙන විට කොන්ත්‍රා-ත්කරුවා සියලුම මාර්ග කාපට් කිරීමට ආරම්භ කළා.

ජනාධිපතිතුමා පොළොන්නරුව සංචාරය නිමා කොට ආපසු ගියාම වැඩ නතර කළා.කොන්ත්‍රාත්කරුවාගේ වැඩ එතරම් සාර්ථක නැතැයි පොළොන්නරුව දිසාපති නිමල් අබේසිරි මහතා ඊයේ (15) පැවැති දිස්ත්‍රික් කමිටුවට පැමිණිලි කළේය.

පසුව එහිදී කරුණු සොයා බැලූ කමිටු සභාපතිවරයා මාර්ග සංවර්ධන නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් සභාවට පැමිණ සිටීදැයි විමසීය. නමුත් ඔවුන් නොමැති බව පැවසීමෙන් අනතුරුව පොලිස් බයිසිකලයක් යවා නිලධාරීන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස පැවැසීය.

මෙහිදී කමිටු සභාපතිවරයා මේ හේතුව කෙසේ සිදු වී දැයි සොයා බලා තරාතිරම නොබලා අවශ්‍ය කටයුතු සිදු කරනවා යැයි වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප්‍රමුඛ උතුරු මැද පළාත් සෞඛ්‍ය ඇමැති එච්. බී. සේමසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, සුරියආරච්චි, හා පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රොෂාන් රණසිංහ යන මැති ඇමැතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගී විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා