පාපන්දු තරග පාවාදීම සෙවීමට කමිටුවක් නම් කෙරේ

පාපන්දු තරග පාවාදීම සෙවීමට කමිටුවක් නම් කෙරේ

පාපන්දු තරග මුදලට පාවාදීම සම්බන්ධව ‍‍ලෝක පාපන්දු සම්මේලනය නිකුත් කළ වාර්තාව අනුව පරික්ෂණ පැවැත්වීමට ස්වාධීන කමිටුවක් පත්කරන බව දකුණු අප්‍රිකා පාපන්දු සංගමය නිවේදනය කළේය.

ඒ අනුව මාස තුනක කාලයක් ඇතුලත මේ කමිටුව විසින් දකුණු අප්‍රිකාවේ පාපන්දු තරග මුදලට පාවාදීමේ සිදුවීම් සම්බන්ධව වාර්තාවක් ලබාදිය යුතු බව දකුණු අප්‍රිකා පාපන්දු සංගමයේ විධායක කමිටුව පවසයි.

දකුණු අප්‍රිකා පාපන්දු සංගමයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පරික්ෂණ කමිටුව පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විතය.

පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගමාලාවේ පුහුණු තරග කීපයක් පරික්ෂණ කමිටුවේ අවධානයට ලක්කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා