නිලුකගේ සොහොයුරාට උගන්ඩාවේදී රන් තිළිණ

නිලුකගේ සොහොයුරාට උගන්ඩාවේදී රන් තිළිණ

ඔලිම්පික් ක්‍රීඩක නිලුක කරුණාරත්නගේ සොහොයුරු දිනුක කරුණාරත්න පළමු අන්තර් ජාතක රන් පදක්කම ඊයේ දිනා ගත්තේය.

මෙය මේ වසරේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට හිමිවු පළමු රන් පදක්කම ද විය.

උගන්ඩා අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ ඊයේ දිනුක වෙතින් අවසන් තරගයේදී පරාජයට පත්වුයේ ඉන්දියාවේ සුබන්ඩා දේයි ක්‍රීඩකයාය. ලකුණු තත්ත්වය වුයේ 21-16, 21-17කි. දිනුක අවසන් පූර්ව වටයේදී ඉතාලි ජාතික ග්‍රේසියෝ වට 2-0ක් ලෙස පරාජය කළේය. එහි ලකුණු තත්ත්වය වුයේ 21-14 හා 21-18ක් ලෙසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා