ඇඹිලිපිටියේ නිවෙසක සඟවා තිබූ ගංජා කිලෝ 34ක් අත්අඩංගුවට

ඇඹිලිපිටියේ නිවෙසක සඟවා තිබූ ගංජා කිලෝ 34ක් අත්අඩංගුවට

මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටි ගංජා තොගයක් සොයා ගැනීමෙන් පසු ඇඹිලිපිටියේ නිවෙසක සඟවා තිබූ ගංජා ද සමඟ කිලෝ 34ක ගංජා සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම පෙරේදා 23 දා සිදු කළහ.

මේ වැටලීමට නිල පොලිස් සුනඛයෙක් ද දායක කරගත් බවත් නිලධාරීන්ගේ දක්ෂතාව නිසා වැටලීම සාර්ථක වූ බව රත්නපුර උසස් පොලිස් නිලධාරියකු කීවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ වියළි ගංජා කිලෝ 34කි.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වැටලීම සිදුවිය. ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. ජයසේන මහතාගේ අධීක්ෂණයෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වීරසේන මහතා ඇතුළු නිලධාරීන් වැටලීමට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා