පනත් බලගන්වන්න ඇමැති මණ්ඩලයේ ඒකමතික එකඟතාවක්

තොරතුරු-රජයේ ගිණුම්කරණ-දුෂණ මර්දන

පනත් බලගන්වන්න ඇමැති මණ්ඩලයේ ඒකමතික එකඟතාවක්

රටේ යහ පාලනය ස්ථාපිත කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ පනත, රජයේ ගිණුම්කරණ පිළිබඳ පනත හා දුෂණ මර්දන පනත වහාම ක්‍රියාත්මක වන පරිදි සම්මත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ නව ඇමැති මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

දින සියය කාලසීමාවේ හැකි උපරිම අයුරින් ජනතා මෙහෙවරක නිරත වීමටද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. ජනමාධ්‍යවේදීන්ට නිදහසේ පරීක්ෂා කර බැලීමට විවෘත කර තැබුණ අරලියගහ මන්දිරයේ ඔබ මොබ මාධ්‍යවේදීන් සක්මන් කළේ අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් මතය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ඇමැතිමණ්ඩලය ක්‍රියාපිළිවෙත නිසා රටේ ඇතිවෙමින් පවතින නව දේශපාලන සංස්කෘතිය පිළිබඳ බොහෝ මාධ්‍යවේදීහු එහිදී ප්‍රශංසා කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා