මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සොයන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලේකම්වරියක්

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සොයන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලේකම්වරියක්

ජනාධිපති මැතිවරණයෙන් පසුව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සොයා බැලීම සහ ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සී. එම්. එස්. ජයරත්න මහත්මිය පත්කැර තිබේ.

දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ හා ඒ සඳහා අනුබල හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අය පිළිබඳ තොරතුරු ඇතොත් දුරකථන අංක 011-2335792, 011-2335794, 011-2335795, 0718345124 හෝ ෆැක්ස් අංක 0112335797 ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා