හමුදා කුමන්ත්‍රණයක් සිදු කරන්න තැත් කිරීම ගැන පරීක්ෂණයක් කරන්න

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය දී

හමුදා කුමන්ත්‍රණයක් සිදු කරන්න තැත් කිරීම ගැන පරීක්ෂණයක් කරන්න

නීතිපතිගෙන් රහස් පොලිසියට උපදෙස්

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වෙමින් පැවතිය දී හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ යු. ජ.ව. විජයතිලක මහතා රහස් පොලිසියට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරණ දින ප්‍රතිඵල නිකුත්වෙමින් තිබිය දී ප්‍රතිඵල අත්හිටුවා හදිසි නීතිය පනවා රාජ්‍ය විරෝධි ලෙස බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් උත්සාහ කළ බවට ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන නීති උපදෙස් පතා ඇති අතර ඒ අනුව නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ මේ යටතේ සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසටය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා