තලවාකැලේ සිසුවියන් 12දෙනකු අපයෝජනය කළ ගුරුවරයා අතුරුදන්

තලවාකැලේ සිසුවියන් 12දෙනකු අපයෝජනය කළ ගුරුවරයා අතුරුදන්

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් තලවාකැලේ දෙමළ මහ විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු එහි සිසුවියන් දොළොස් දෙනෙකු විටින් විට අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

තලවාකැලේ දෙමළ මහ විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ වත්මන් ලේකම්වරයා විසින් තලවාකැලේ පොලිසියට ඉකුත් 27 දා කර තිබෙන පැමිණිල්ලකට අනුව මේ පරීක්ෂණය ආරම්භ කොට ඇත. මෙකී ගණිත ගුරුවරයා දිනපතා පස්වරුවේදී මේ විදුහලේදී උපකාරක පන්ති පවත්වන මුවාවෙන් මෙලෙස සිසුවියන් පිරිස විටින් විට අපයෝජනයට නතුකරගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිකර ගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා