මහ ඇමැති සමුළුව මාරවිල දී

මහ ඇමැති සමුළුව මාරවිල දී

පොල්ගහවෙල සමූහ කුරුණෑගල අතිරේක දිසා විශේෂ

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ 27 වැනි සමුළුව මෙවර වයඹ පළාත කේන්ද්‍රකර ගනිමින් මාරවිල ක්ලබ් ෆාම්වේ හෝටලයේ දී මේ මස 04 සහ 05 දෙදින තුළ පැවැත්වේ.

පළාත් සභාවලට අදාළ වැදගත් තීන්දු රැසක් මෙහිදී ගැනීමට නියමිතය. ත්‍රස්තවාදය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කිරීමෙන් පසු පැවැත්වෙන මේ සුවිශේෂී සමුළුවේදී විශේෂ කරුණු රැසක් සම්බන්ධයෙන්  සාකච්ඡා කරන බව සමුළුවේ සභාපති වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා පැවසීය.

මෙම පළාත් ප්‍රධාන අමාත්‍ය සමුළුවට බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍යම ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, දකුණ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, නැඟෙනහිර ප්‍රධාන අමාත්‍ය එස්. චන්ද්‍රකාන්තන්, වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහත්වරු සහභාගී වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා