සිද්ධියේ මහ මොළකරු එහි කළමනාකරු බව පිටකොටුව පොලිසිය කියයි

හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ වෙළඳ සලක් කොල්ලකෑම :

සිද්ධියේ මහ මොළකරු එහි කළමනාකරු බව පිටකොටුව පොලිසිය කියයි

පිටකොටුව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් පසුගිය සෙනසුරාදා (30) රුපියල් කෝටියක ස්වර්ණාභරණ සහ මුදල් රුපියල් ලක්ෂ 18 ක් කොල්ලකෑමේ සිද්ධියේ මහ මොළකරු එම වෙළෙඳ සැලේම කළමනාකරු වූ පැමිණිලිකාරයාම යැයි පිටකොටුව පොලීසිය කියයි.

ඒ අනුව එම සැකකරුද අත්අඩංගුවට ගත් බවත් පිටකොටුව පොලිස් ස්ථානාධිපති පී. කේ. පි‍්‍රයන්ත මහතා කීය.

එම මහ මොළකරුත් සමඟම මෙම කොල්ල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කොල්ල සිද්ධියේදී කොල්ලකන ලද රුපියල් ලක්ෂ 18 ක මුදලත්, රුපියල් කෝටියක් පමණ වටිනාකමැති කිලෝවයි ග්‍රෑම් 700 ක් බරැති රන් අභරණ තොගයත් පිටකොටුව පොලීසිය මගින් කොල්ලය සිදුවී පැය 24 ක් තුළ ප්‍රධාන කොල්ලකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. රක්වාන ප්‍රදේශයෙන් එම මුදල් සහ රන් ආභරණ සොයාගෙන ඇත.

කොල්ල සිද්ධියේ මහ මොළකාර රන් ආභරණ වෙළෙඳසැල් කළමනාකරු රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ප්‍රධාන කොල්ලකරුත් අත්අඩංගුවට පත් ඔහුගේ සොහොයුරාත් රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා