ජාතික පෝෂණ මාසය අදින් ඇරඹේ

ජාතික පෝෂණ මාසය අදින් ඇරඹේ

ජාතික පෝෂණ මාසය අදින් (01) ඇරඹෙයි. “නිසි යොවුන් පෝෂණය – මතු දැයේ ජීවයයි” ජාතික පෝෂණ මාසයේ මෙවර තේමාව වේ.  ජාතික පෝෂණ මාසයේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මේ මස 08 වැනිදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී ජාතික පෝෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය එක්ව කළ පෝෂණ සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම, දිස්ත්‍රික් මට්ටමෙන් පැවැත්වූ පෝෂණ ආහාර වට්ටෝරු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සෞඛ්‍යානුකූල ආපනශාලාවක් ආරම්භ කිරීම, පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම යනාදී වැඩසටහන් කිහිපයක් සිදුකෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා