ත්‍රිරෝද රිය හුළු ගඟට වැටී සිසුවියක ඇතුළු 2ක් මරුට

ත්‍රිරෝද රිය හුළු ගඟට වැටී සිසුවියක ඇතුළු 2ක් මරුට

පන්විල නගර මධ්‍යයෙන් හුළුගඟට ත්‍රිරෝද රථයක් වැටී එහි ගමන්ගත් පාසල් සිසුවියක සහ තවත් අයෙකු මියගොස් ඇත.

පසුගිය 30 දා රාත්‍රී 8.30 ට පමණ සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීමෙන් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මඩොල්කැලේ රෝහලට ඇතුළත් කැර තිබේ.

ත්‍රිරෝද රථය පාරෙන් ඉවතට පැන අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී හුළුගඟට වැටී ඇතැයි පොලීසිය පවසයි. අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු පී. රාමසාමී (57) නමැති අය සහ පද්මනාදන් ශෂීධරන් (15) නමැති අය මියගොස් තිබේ. ත්‍රිරෝද රථය අලුතින් මිලට ගෙන එය පැදවීමට පුරුදුවීමට යාමේදී අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා