අනවසර ඉදිකිරීම් මේ අංකයට කියන්න

අනවසර ඉදිකිරීම් මේ අංකයට කියන්න

රජයට හෝ පෞද්ගලික අංශයට හෝ අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා පුද්ගලයන් සහ අනවසර ඉදිකිරීම් සිදු කරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා රහස් පොලිසියට නියෝග කර ඇත.

මේ නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇතොත් පොලිස් විශේෂ මෙහෙයුම් මැදිරියේ අංක 1139 වෙත දන්වන ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගංවතුර තත්ත්වයන් උග්‍රවී ඇති බවත්, මේ තත්ත්වය වලකාලීම සඳහා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා