ගංවතුරින් හානියට පත්වූ කුඹුරු යළි වගාවට බිත්තර වී නොමිලේ

ගංවතුරින් හානියට පත්වූ කුඹුරු යළි වගාවට බිත්තර වී නොමිලේ

ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත් කුඹුරුවල නැවත වගා කිරීම සඳහා නොමිලේ බිත්තර වී ලබා දීමට රජය පියවර ගෙන ඇත.

මේ තත්ත්වය නිසා බස්නාහිර පළාතේ කුඹුරු අක්කර 4500 ක් විනාශයට පත්ව ඇති අතර දකුණු පළාතේ කුඹුරු අක්කර 300 ක් විනාශ වී තිබේ. ඊට අමතරව සබරගමුව පළාතේ විනාශ වී ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 700 කි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කරන කෙටි කාලීන බිත්තර වී බුසල් 15000 ක් මෙලෙස ගොවීන් අතරේ බෙදා දෙන අතර ඒ වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 245 කි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත නීල් බූනේ සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත පැට්‍රික් එවන්ස් යන මහත්වරුන් සමග ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කළ විශේෂ සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන තිබේ.

මේ බිත්තර වී කඩිනමින් ගොවීන් අතරේ බෙදා දීමටද රජය පියවර ගෙන ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා