සටහන් පොත ඉදිරිපත් කරන ලෙස ‘සන්ඩේලීඩර්’ කර්තෘවරියට නියෝග

ජෙනරාල් ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාව

සටහන් පොත ඉදිරිපත් කරන ලෙස ‘සන්ඩේලීඩර්’ කර්තෘවරියට නියෝග

ජනරාල් සරත් ෆොන්සේකා මහතා සන්ඩේලීඩර් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව සටහන් කැරගත් පොත අධිකරණයට ලබන 21 දින ඉදිරිපත් කරන ලෙස එහි කර්තෘ පෙඩ්රිකා ජැන්ස් මාධ්‍යවේදිනියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (07) නියෝග කරමින් නොතීසි නිකුත් කළාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව එම නියෝගය කළ මහේස්ත්‍රාත් වරිය ජනරාල් සරත් ෆොන්සේකා මහතාව තවදුරටත් හමුදා භාරයේ තබන ලෙස දන්වා සිටියාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නඩු විභාගය ආරම්භයේදීම අධිකරණය වෙත කරුණු දක්වමින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 124 යටතේ මෙම ඉල්ලීම කරණ බව දැන්වීය.

වර්ෂ 2009 දෙසැම්බර් මස 08 වෙනි දින සන්ඩේලීඩර් පෙඩ්‍්‍රරිකා ජෑන්ස් සමඟ පැවැත්වූ සාකච්ඡා සටහන් සුදුකොඩි රැගෙන එන එල්. ටී. ටී. ඊ. සාමාජිකයින්ට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කළැයි සඳහන් කොටස් ඇතුළත් ඡායා පිටපතක් පමණක් රහස් පොලිසියට භාරදී ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බැවින් සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් සටහන් පොත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කතුවරියට නියෝග කරණ ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පැමිණිල්ල විසින් කරණ ලද මෙම ඉල්ලීම තුළින් හෙළිවන්නේ අධිකරණය ලවා අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට සැරසෙන බවත් එය ලබාගත යුත්තේ රහස් පොලිසිය බවත් ඒ නිසා අදාළ පොත විවෘත අධිකරණයේදී ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජූනි මස 21 වෙනිදා දක්වා හමුදා භාරයට පත්කළාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා