ඉංග්‍රීසි කතාවට-ශ්‍රවණ කුසලතාවට සා.පෙළ විභාගයේ දී ලකුණු 30ක්

ඉංග්‍රීසි කතාවට-ශ්‍රවණ කුසලතාවට සා.පෙළ විභාගයේ දී ලකුණු 30ක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂයයට අදාළව ලකුණු ලබා දීමේ දී කථනය හා ශ්‍රවණ කුසලතාව වෙනුවෙන් සියයට 30ක ප්‍රමාණයක් ලබාදීමට රජය තීරණය කරයි.

මේ ප්‍රතිපත්තිමය තීරණය 2012 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති හා ජනාධිපති උපදේශක ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

හෙතෙම මේ බව කියා සිටියේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

‘ජීවන කුසලතාවක් ලෙසින් ඉංග්‍රීසි’ යන තේමාව යටතේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය දීප ව්‍යාප්තව සංවිධාන කරන වැඩසටහනක් එහි දී පැවැතිණි.

ඉංග්‍රීසි භාෂාව ජනසතු කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් රට පුරා ක්‍රියාත්මක කෙරෙන බවත් එහි දී සබරගමුව පළාත ඉදිරියෙන්ම සිටින බවත් ඒ මහතා කීවේ ය. ඒ මහතා කියා සිටියේ නිදහස ලැබූූ දා සිට මේ දක්වා ඉංග්‍රිසි ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් දැවැන්ත මුදලක් වෙන් කළ ද ඊට සාපේක්ෂව ප්‍රතිඵල ලැබී නොමැති බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා