කෙටේතැන්න කුණු ගොඩෙන් දැන් හානියක් නෑ

දිනමිණ පුවත ඵලදරයි

කෙටේතැන්න කුණු ගොඩෙන් දැන් හානියක් නෑ

‘මිහිපිට අපායක්වූ කෙටේතැන්න කුණුගොඩ’ මැයෙන් දිනමිණ පුවත් පතේ පළවුණු ප්‍රවෘත්තිය නිසා එහි කුණු දැමීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. සබරගමුව ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතාගේ මැදිහත් වීමෙන් එම ස්ථානයේ කුණු දැමීම නතර කොට කුණු ගොඩ ඈතට ගෙන ගොස් එයට උඩින් පස් දමා වසා ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ඇමැතිවරයාට ස්තූතිවන්ත වෙන බව කෙටේතැන්න පදිංචි අයි. ජී. ශ්‍රියානි මහත්මිය කීවාය.

දිනමිණ පුවත්පතට අපි ස්තුතිවන්ත වෙනවා යැයි කෙටේතැන්න පදිංචි සිත්ති ජෙයිමා මහත්මිය කීවාය. ජනතාවට ගැටලුවක් වුණ මිහිපිට අපායක් බඳුව පැවති කෙටේතැන්න කුණුගොඩ ඉවත් කර පරිසරය සුරකින්න ක්‍රියා කිරීම අපි අගය කරනවා යැයිද ඇය පැවසුවාය.
 

කෙටේතැන්න කුණු කන්ද පෙර තිබූ අයුරු (වමේ) සහ දැන් තත්ත්වය (දකුණේ)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා