පාදුක්ක පුස්වැලි පාලමේ ඉදිකිරීම් වැඩ එතැනමයි

පාදුක්ක පුස්වැලි පාලමේ ඉදිකිරීම් වැඩ එතැනමයි

පාදුක්ක හංවැල්ල මාර්ගයේ පාදුක්ක නගරයට නුදුරින් ඇති පුස්වැලි පාලම අබලන් වීම නිසා එය කඩා දමා ඒ වෙනුවට නව පාලමක් ඉදිකිරීමට 2001 වසරේ මුල්ගල තබා වැඩ අරඹුවත් මේ දක්වා එහි ඉදිකිරීම් වැඩ නිමකර නැත.

දකුණු ප්‍රදේශයේ සිට නුවර ප්‍රදේශයටත්, ගාල්ල මාතර ප්‍රදේශයන්හි ජනතාව මේ පුස්වැලි පාලම හරහා කෙටි මාර්ගයක් ලෙස ගමන් කරති. පාදුක්ක පුස්වැලි පාලම හරහා ධාවනය කරනු ලබන වාහන සංඛ්‍යාව දැන් ඉතා අධිකය. හොරණ කාර්මික ජනපදය හා කළුතර කම්හල්වල බඩු ප්‍රවාහනය ද පාලමේ වැඩ අවසන් නොකිරීම නිසා ඇනහිට ඇත.

පාසල් සිසුන්ටද මේ පාලමෙන් ගමන් කිරීමේදී සිදුවන ප්‍රමාදයෙන් ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුව තිබේ. පසුගිය මැතිවරණ කාලයේදී පාලමේ වැඩ ඇරඹූ නමුදු මැතිවරණයෙන් පසු නැවත එය අක්‍රීය විය. රයිගම් කෝරළය පසුකර හේවාගම් කෝරළයට සම්බන්ධ වන දොරටුවක් බඳු පාදුක්කේ පුස්වැලි පාලම ඉදිකරන ලෙස මගීහු ඉල්ලති. 2002 වසරේ ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ඒ. එච්. එම්. ෆවුසි මහතා විසින් පුස්වැලි පාලමේ වැඩ අරඹා ඇත.

අඩක් නිමවූ පාලම

බෝපේ සමූහ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා