මතුගම ලංගම ඩිපෝවේ ඇතැම් කොන්දොස්තරවරු රාජකාරියේදී හොර කරනවාලු

මතුගම ලංගම ඩිපෝවේ ඇතැම් කොන්දොස්තරවරු රාජකාරියේදී හොර කරනවාලු

මතුගම ලංගම ඩිපෝවට අයත් බදුරලිය අත්වැල්තොට, කෙළින්කන්ද දුෂ්කර මාර්ගවල ධාවනය වන බස්රථවල ප්‍රවේශපත්‍ර ඇතැම් කොන්දොස්තරවරු මගීන්ට නොදෙන බවට චෝදනා තිබේ. ඇතැම් බස් රථවල මගීන් තිහ හතළිහකට ටිකට් නොදී රැගෙන යති. ඇතැම් බස්වල ඩිපෝවෙන් නිකුත්කළ ප්‍රවේශ පත්‍ර පොතට අමතරව වෙනත් පරණ ටිකට් දී මුදල් ගනිති.

ලංගම සභාපතිවරයා විසින් කරන ලද වැටලීම්වලින් පැරැණි ටිකට් නිකුත් කළ කෝන්දොස්තරවරයකු අල්ලා ගෙන ඇත. ටිකට් නොදී මුදල් ගැනීම, පැරැණි ටිකට් දීම, අඩු ගමන් ගාස්තු සහිත ටිකට් නිකුත් කිරීම් ආදී නොයෙක් වැරැදි එම කොන්දොස්තරවරු කරති.

මේ සොරකම් නිසා ඩිපෝවට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිව යයි. ප්‍රධාන මාර්ගවල බස් ධාවනය අඩපන කරමින් අතුරු මාර්ගවල බස් දුවන්නේ මේ ජාවාරම්වලට සහාය දීමටදැයි මගීහු විමසති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා