දූවරුන් දෙදෙනා සලෙලුන්ට විකිණූ අම්මා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

දූවරුන් දෙදෙනා සලෙලුන්ට විකිණූ අම්මා ඇතුළු සැකකරුවෝ රිමාන්ඩ්

සැමියාග් මරණින් පසු 12, 9 වියැති දූ වරුන් දෙදෙනා සලෙලුන්ට විකිණූ අම්මා කෙනෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය 12 වියැති දැරියට සිවු වසරක් මුළුල්ලේ අතවර කළ බැව් කියන මිනුවන්ගොඩ පීල්ලවත්තේ මණික්කුගේ දයානන්ද සිල්වා යන අය අත් අඩංගුවට ගැනීමට වරෙන්තු කළාය.

දැනට 6 වසරේ ඉගෙනුම ලබන වැඩිමල් දැරියට අතවර කිරීමට සැකකරු පටන්ගෙන ඇත්තේ ඇය අට වැනි වියේ පසු වෙද්දීය. පියාගේ යාළුකම ඔස්සේ ගෙදරට යාම් ඊම් කරමින් කාර්යයයේ නිරත වී පියා මියගිය පසු මවගේ අනුදැනුම ඇතිවම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. දැරියන් දෙදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ මත මව සහ සැකකරුවන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී.

වරෙන්තු කළ සැකකරුගේ ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවටද අධිකරණය නියෝග කෙළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා