හොරණ බැල්ලපිටියේ කුඹුරු අනවසරයෙන් ගොඩකරලා

හොරණ බැල්ලපිටියේ කුඹුරු අනවසරයෙන් ගොඩකරලා

හොරණ වෑවල හා බැල්ලපිටිය කුඹුරු රැසක් අයිතිකරුවන් අනවසරයෙන් ගොඩකර නිවාස තනමින් සිටින බව ප්‍රදේශවාසීහු කියති. ඇතැම් කුඹුරු අනවසරයෙන් ගොඩ කරමින් ගොඩනැගිලි තනමින් තිබුණද, ඒ පිළිබඳව ප්‍රදේශයේ ගොවි සංවිධාන මගින් අදාළ බලධාරින් දැනුවත් කළද ඔවුන් ඊට නිසි පියවර ගැනීමට පියවරගෙන නැතැයි ඔව්හු කියා සිටිති.

මේ නිසා සුළු වර්ෂාවකදී පවා හොරණ අඟුරුවාතොට මාර්ගයේ රෝහල් හන්දිය, ශ්‍රීපාලි හන්දිය, බැල්ලපිටිය හන්දිය ජලයෙන් යටවන අතර, ජලය බැස යෑමට පැය ගණන් ගතවන බව කියති.

ප්‍රධාන මාර්ගයේ දෙපස කාණු පද්ධතිය ක්‍රමානුකූලව සකස් කර නොමැති නිසා කාණු පද්ධතියේ තැනින් තැන අහුරමින් කොන්ක්‍රීට් ලෑලි බැඳ ඇති නිසාත්, ජලය බැස යෑමට කාණු ඉඩ නැති නිසාත් මාර්ගය හා අවට නිවාස ජලයෙන් යටවන බවද ප්‍රදේශවාසීහු කියති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා