කූට වෙළෙඳුන්ට විපක්ෂය සහාය දෙනවා

කූට වෙළෙඳුන්ට විපක්ෂය සහාය දෙනවා

-ඇමැති ජොන්ස්ටන්

වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ දැමීමට කූට වෙළෙඳුන්ට සහය දෙන්නේ විපක්ෂය බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ලියා දෙන බඩු ලැයිස්තුව ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා එම සහාය දීමේ සූක්ෂම වැඩපිළිවෙළ කරගෙන යන බවද කීය. ඇමැතිවරයා එම තොරතුරු හෙළිදරව් කළේ ඊයේ (29) ස.තො.ස ප්‍රධාන ගබඩාවේදී සහල් තොග බෙදා හැරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය. ලක් සතොස නිර්මාණය කර තිබෙන්නේ පාරිභෝගිකයාට සහන මිලට බඩු මිලදී ගැනීමටයි.

එම ස්ථානවල නියමිත මිලට බඩු තිබේ. කූට වෙළෙඳුන් ලූනු රුපියල් 180, හාල් 70 – 80 අල 130 – 140 වැනි මිලගණන්වලට විකුණති. ඔවුන්ගේ මිල ගණන් පෙන්වා රජය මත බොරු චෝදනා එල්ලකරමින් විපක්ෂය පාරිභෝගිකයා රවටයි.

ලක් ස.තො.ස ශාඛා 233 ආර්ථික මධ්‍යස්ථාන, සමුපකාර ඇතුළු රජයේ වෙළඳසැල්වල සහනමිලට භාණ්ඩ ලබාගත හැකියි. බී ලූනු තොගමිල අද රුපියල් 90 කි.  කූට වෙළඳුන් එය 180 ට විකුණති. එය පමණක් දකින විපක්ෂය ස.තො.ස මිලගණන් නොදකින්නේ ඇයිදැයි තවදුරටත් ඇමැතිවරයා විමසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා