දොස්තර වර්ජනය අත්හිටුවයි

දොස්තර වර්ජනය අත්හිටුවයි

අද දින (1) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක් දින සංකේත වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමය පවසයි.

දීප ව්‍යාප්ත සේවාවක් වන වෛද්‍ය සේවාවේ විනය කටයුතු පිළිගත් නීති රීතිවලට පටහැනිව පවරා ගනිමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කොට එම සේවාවේ විනය කටයුතු පෙර තිබූ පරිද්දෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය ලේකම්වරයා හරහා ක්‍රියාත්මක කෙරෙන බැවින් මේ තීරණය ගත් බවද සංගමය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා