ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හෙට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය අමතයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හෙට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය අමතයි

ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂ ආරාධනයක් මත ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30) අලුයම එක්සත් රාජධානියට ළඟා විය. ජනාධිපතිතුමා හෙට (02) ඔක්ස්ෆර්ඩ් මහා ශිෂ්‍ය සංගමය අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

1823 සිට වසර 187ක ඔක්ස්ෆර්ඩ් සරසවි ඉතිහාසය තුළ දේශන පැවැත්වීමට එකම රාජ්‍ය නායකයාට දෙවරක් ආරාධනා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට පමණි. ඒ මහතා මුලින්ම දේශනය පැවැත්වූයේ 2008 මැයි මාසයේදීය.

ජවහර්ලාල් ශ්‍රී නේරු, බෙනාසීර් බූතෝ, ලීක්වාන්යූ, මහතීර් මොහොමඩ්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි යන දේශපාලන නායකයන් ද මෙම සරසවියේ විශේෂ දේශන පවත්වා ඇත.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා