සෙංකඩගලපුර සීමා ස්ථම්භ විනාශ මුඛයේ

සෙංකඩගලපුර සීමා ස්ථම්භ විනාශ මුඛයේ

සෙංකඩගලපුර පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී 1971 වසරේදී පිහිටුවන ලද සීමා ස්ථම්භ සියල්ලම පාහේ ගරා වැටෙමින් පවතී. සංඝරාජ මාවත මංසන්ධිය, රජවාසල (වත්මන් ආණ්ඩුකාර නිල නිවෙස හා විෂ්ණු දේවාල) පිවිසුම් මඟ, වැව රවුමේ උල්පැන්ගේ පෙණෙන තෙක් මානයේ සහ පොත්ගුල් විහාරය (දළදා මාලිගයේ දියවඩන නිළමේ නිල නිවෙස) ආසන්නයේ මෙම “සීමා ස්ථම්භ” පිහිටුවා තිබේ.

සංඝරාජ මාවත මංසන්ධියේ පිහිටුවා තිබූ සීමා ස්ථම්භය ද විනාශ වී ඇති අතර වැව රවුමේ ශ්‍රී දළදා මාලිගය පෙනෙනතෙක් මානයේ පිහිටුවා ඇති ප්‍රධාන සීමා ස්ථම්භය ද තුන් පැත්තකම සටහන් මැකී ලී ඵලස පමණක් ඉතිරි වී ඇත. ඉතිරිව ඇති මුහුණතෙහි සෙංකඩගලපුර පුරාවස්තු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම නිමිත්තෙන් ශ්‍රී බු.ව. 2515 (1971) බිනර මස පුරදිනවක ලත් රිවිදින සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ඇස්. ඇස්. කුලතිලක මහතා විසින් මෙම සීමා ස්ථම්භය පිහිටුවන ලද බව දැක්වෙන වැකිය සඳහන් වේ.

රජවාසල (වත්මන් ජනපති මැදුර) පිවිසුම් දොරටුව අසල (ආණ්ඩුකාර නිල නිවස හා විෂ්ණු දේවාල මාර්ගයේ) පිහිටුවා ඇති සීමා “ස්ථම්භය පමණක්” සටහන් කිසිවක් නොමැතිව හිස්ව පවතී. මෙම සීමා ස්ථම්භ නිසි පරිදි නඩත්තු කර සුරැකීමේ වගකීම පැවරී ඇති බෞද්ධ කටයුතු සහ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවල අවධානය යොමු කළයුතු කාලය එළැඹ ඇතැයි කන්ද උඩරට බොදු පිරිස් කියා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා