පිටිගල ආධුනිකත්ව ආයතනයේ තාක්‍ෂණ සේවා ගරාජය වැඩක් නැතිව වසා දමලා

පිටිගල ආධුනිකත්ව ආයතනයේ තාක්‍ෂණ සේවා ගරාජය වැඩක් නැතිව වසා දමලා

විශාල තරුණ පිරිසකට කර්මාන්ත පුහුණුව ලැබූ පිටිගල ආධුනිකත්ව අභ්‍යාස ආයතනයේ පොදු සේවා තාක්ෂණ ගරාජ පරිශ්‍රය පුරා වසර ගණනාවක සිට වසා දමා ඇත. මෙහි භූමිය අක්කර භාගයක් වන අතර 1978 වසරේදී එවකට දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ව සිටි එම්. එන්. අමරසිරි මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ මෙහි අද වන විට රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි විනාශ වෙමින් පවතී.

මෙම ආයතනය දකුණු පළාතේ යකඩ කම්හල්කරුවන්ගේ වැඩපළ ලෙසද මුල් කාලයේ ප්‍රසිද්ධියට පත්ව තිබී ඇත. 2000 වසරේදී සී/ස පිටිගල නව පොදු සේවා තාක්‍ෂණික සමුපකාර සමිතියේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ මූල්‍ය අනුග්‍රහය මත එවකට සමෘද්ධි හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිව සිටි පියසේන ගමගේ මහතා විසින් නැවත. 2000 වසරේ අගෝස්තු 26 වැනි දින අලුත් වැඩියා කර විවෘත කළද ටික දිනකින් නැවත වසා දමා ඇත.

වඩුවැඩ” ලියවන පට්ටල්, කම්බි වැඩ, වෑල්ඩින්, ගි‍්‍රල් ගේට්ටු, සෑදීම, ටින්කර් , පේන්ටින් ඇතුළු විවිධ කාර්මික ක්‍ෂේත්‍රයන් පිළිබඳ විශේෂිත වූ පුහුණුවක් මෙමගින් තරුණ පිරිසට ලබා දුන් අතර, ඔවුන් දිවා රාත්‍රී මෙහි පුහුණුව ලබා ඇත. දැනට මෙහි කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර හා යකඩ ඇති බව ප්‍රදේශවාසීහු පවසති. පිටිගල නගරය වූ කලී දක්‍ෂ කම්හල්කරුවන්ගේ මුල් බැස ගත් නගරයක් යැයි කිවහොත් නිවැරැදිය. මෙවන් ප්‍රදේශයටම ආවේනික වූ ජාතික වස්තුක් බඳු මෙම පොදු සේවා තාක්ෂණික ගරාජ පරිශ්‍රය රැක ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමු විය යුතු වන්නේය.
 

වසා දමා ඇති ගොඩනැගිලි

වටිනා යන්ත්‍රසුත්‍ර

යන්ත්‍රසූත්‍ර දිරාපත් වෙමින්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා