මීගොඩ-පානළුව ප්‍රදේශයේ ප්‍රධාන සහ අතුරු මාර්ග අබලන්

මීගොඩ-පානළුව ප්‍රදේශයේ ප්‍රධාන සහ අතුරු මාර්ග අබලන්

බස් ධාවනය අතරමඟ

රාජ්‍ය ආයතන, නිවාස සංකීර්ණ, පානළුව කර්මාන්ත පුරය ඇතුළු ගම්මාන රැසකට යා යුතු මීගොඩ පානළුව කර්මාන්තපුර ප්‍රධාන මාර්ගය හා අවට අතුරු මාර්ග වසර ගණනාවක සිට සංවර්ධනය නොකිරීම නිසා අබලන් වී තිබේ.රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව, යුද හමුදා ප්‍රධාන වෙඩි භූමි කඳවුර, වටරැක එළිමහන් සිර කඳවුර සහ පානළුව කර්මාන්තපුරය ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය අංශයේ නිල නිවාස, නිවාස සංකීර්ණ ඇතුළු වටරැක උතුර, පානළුව උතුර,ගල්වලමුල්ල යන ගම්මාන වලට යායුතු ප්‍රධාන මාර්ග පානළුව වටරැක කර්මාන්තපුර මාර්ගය වේ.

පානළුව වටරැක කර්මාන්තපුර අතුරු මාර්ග සංවර්ධනය නොකිරීම නිසා අබලන්වී ඇති අයුරු.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන මහතා - මේ ප්‍රධාන මාර්ගය මධ්‍ය ආණ්ඩුවට ද, පළාත් සභාවට ද ප්‍රාදේශීය සභාවට ද අයත් මාර්ගයක් කියා මෙතෙක් හරිහැටි හඳුනාගෙන නැහැ. මේ නිසා ප්‍රධාන මාර්ගය වසර ගණනාවකින් සංවර්ධනය කර නැහැ. ගම්මානවල පවතින අතුරු මාර්ග සියල්ල අයත් වන්නේ හෝමාගම ප්‍රාදේශීය සභාවටයි. සභාව වසර ගණනාවකින් එම මාර්ග සංවර්ධන කර නොමැති නිසා මේ වනවිට අබලන් වෙලා.

අතුල සංජීව පෙරේරා මහතා - ප්‍රධාන මාර්ගය දැඩිව අබලන්ව පැවැතීම නිසා ධාවනය වූ බස් රථ සියල්ල ඇනහිට තිබෙනවා. මේ නිසා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට රැකියාවට පැමිණීමට සහ ගම්වාසීන්ට ගම්මානවලට යාමට සිදුව ඇත්තේ පා ගමනින්. මේ පිළිබඳව අදාළ අංශවල අවධානය යොමු කර මාර්ග සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා