තර්ස්ටන් පිහිණුම් තරග 5-6 දිනවල

තර්ස්ටන් පිහිණුම් තරග 5-6 දිනවල

තර්ස්ටන් විද්‍යාලයීය ජල ක්‍රීඩා සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස් සීමා ආධුනික පිහිණුම් තරගාවලිය පෙබරවාරි මස 5 - 6 දෙදින තුළ විද්‍යාලයීය පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වේ. කාන්තා හා පිරිමි අංශ දෙක යටතේම තරග පැවැත්වෙන අතර වයස අවුරුදු 8 සිට 19 දක්වා තරග ඉසව් 120 ක් මේ තරගාවලියට ඇතුළත්ය.

වයස් කාණ්ඩ ජයග්‍රහණය කරනු ලබන පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන අතර ඒ ඒ වයස් කාණ්ඩයන්හි සුවිශේෂ දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළිගු කුසලානයන් ද පිරිනැමේ. සහභාගිවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගීත්ව සහතික පත් පිරිනැමෙන අතර මේ තරගාවලියේ මූලික පරමාර්ථය වනුයේ දිවයිනේ අවම පහසුකම් සහිත පාසල්වල පිහිනුම් ක්‍රීඩාවට ඇල්මක් දක්වන සිදු දරුවන් දිරිමත් කිරීමත් නවක දක්ෂ ක්‍රීඩකයන් හඳුනාගැනීමත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා