කායවර්ධන උපදේශක සහතික පත් ප්‍රදානය අද

කායවර්ධන උපදේශක සහතික පත් ප්‍රදානය අද

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය පැවැත්වූ උපදේශක පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට සහතික ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ටොරින්ටන් ක්‍රීඩා විද්‍යායතන ශාලාවේදී පස්වරු 4.00 ට පැවැත්වේ. මීට සමගාමීව මෙදින ලෝක සූරතා අයෝමය පුරුෂයා තේරීමේ තරගයේදී හා ආසියානු සූරතා තරගාවලියේදී රන් / රිදී පදක්කම් දිනූ ප්‍රසන්න පීරිස් ක්‍රීඩකයාට උපහාර පිදීමේ උළෙලක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කායවර්ධන ක්‍ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දක්වා ඇති ප්‍රසන්න අසර්බයිජාන් නුවරදී පැවති 60 වැනි ලෝක සූරතාවලියේදී කිලෝග්‍රෑම් 60 – 65 බර පන්තියේ රිදි පදක්කම හා බහරේනයේ මානමා නුවරදී පැවැති 44 වන ආසියා සූරතාවලියේදී කිලෝග්‍රෑම් 70 බර පන්තියේදී රිදි පදක්කම්ද දිනා ගනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා