කබඩි සූරතාව රත්නපුරයට

කබඩි සූරතාව රත්නපුරයට

ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය හා රත්නපුර දිස්ත්‍රික් කබඩි සංගමය එක්ව සංවිධානය කළ සමස්ත ලංකා කබඩි සූරතාවලියේ පිරිමි සූරතාව රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමටත් අනු සූරතාව මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායමටත් හිමිවිය. මේ තරගාවලියේ කාන්තා සූරතාව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමටත් අනුසූරතාව රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමටත් හිමිවිය.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලිය නියෝජනය කිරීම පිණිස උතුරු නැගෙනහිර පළාත් ද ඇතුළුව කණ්ඩායම් 20ක් ඇතුළත්ව සිටියහ. සබරගමුව මහ ඇමැති ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා