ආසියානු පාපන්දු ප්‍රවේශපත් මුදල් ගංවතුරෙන් විපතට පත්වූවන්ට

ආසියානු පාපන්දු ප්‍රවේශපත් මුදල් ගංවතුරෙන් විපතට පත්වූවන්ට

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ ගංවතුරින් විපතට පත්වූවන්ට පරිත්‍යාග කරන බව සංවිධායකයෝ පවසති. ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති මොහොමඩ් බින් හම්මාම් සහ කටාර් පාපන්දු සංගමයේ ප්‍රධානි ෂේක් හමාද් බින් කලිෆා බින් තානි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ හා තායිලන්තයේ ඇතිවූ ගංවතුරින් විපතට පත්වූ අපගේ මිත්‍ර ආසියාතිකයන්ට මෙැනි සේවයක් කිරීමට ලැබීම සතුටක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සටහන් විය. මේ අතර මේ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 2015 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන තරගාවලිය සඳහා නිරායාසයෙන්ම සුදුසුකම් ලබන බව ආසියානු පාපන්දු සම්මේලනය ඊයේ තහවුරු කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා