මලල ක්‍රීඩා තාක්‍ෂණ නිලධාරි පරීක්‍ෂණය 30දා

මලල ක්‍රීඩා තාක්‍ෂණ නිලධාරි පරීක්‍ෂණය 30දා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහකාර තාක්‍ෂණික නිලධාරි අදියර 4 පරීක්‍ෂණය මේ මස 30 දා කොළඹ, මාතර, මහනුවර, යාපනය, බදුල්ල, පොළොන්නරුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලදී පැවැත්වේ. මෙම පරීක්‍ෂණය සඳහා දහසකට ආසන්න අපේක්‍ෂකයින් පිරිසක් පෙනී සිටීමට නියමිතය.

පරීක්‍ෂණය සඳහා ඇතුළත්වීමේ අවසර පත්‍රය නොලැබූ විභාග අපේක්‍ෂකයකු වෙතොත් හැකි ඉක්මනින් මලල ක්‍රීඩා සංගමයේ තාක්‍ෂණික කමිටු සභාපති ජී. එල්. එස්. පෙරේරා මහතා අමතන ලෙස සංගමය දැනුම් දෙයි. දුරකථන අංකය - 0775 217751/ 011 2682329’

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා