මාටින් කේමර් ගොල්ෆ් පිටියේ ඉදිරියට...

මාටින් කේමර් ගොල්ෆ් පිටියේ ඉදිරියට...

දැඩි අර්බුදයක මැදිවී සිටින සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් වසර 7 කට පසුව ජාත්‍යන්තර ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පහළට තල්ලු කිරීමට ජර්මනියේ මාර්ටින් කේමර් සමත්විය. අබුඩාබි ගොල්ෆ් සූරතාවලියේ කිරුළ ජය ගනිමින් වුඩ්ස් අබිබවා කේමර් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය අත්කර ගැනීමට සමත් වුවද අමෙරිකානු සුපිරි ක්‍රීඩක ටයිගර් වුඩ්ස් නැවත සිය ස්ථානය අත්කර ගැනීමේ හැකියාවෙන් පොහොසත් බව ප්‍රකාශ කළ අතර වුඩ්ස් ලොව විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩකයා බව ද සඳහන් කළේය.

“ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා අබිබවා යාමට හැකිවීම සතුටට කරුණක්.” 26 හැවිරිදි කේමර් ප්‍රකාශ කළේය. 2004 වසරට පසුව ජගත් ගෝල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත්වූ වුඩ්ස් මේ සතියේදී කැලිෆෝනියාවේ පැවැත්වෙන ටෝරි පින්ස් ගොල්ෆ් තරගවාරයට සහභාගිවෙමින් නැවත ඉහළට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ජගත් ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල තවමත් පෙරමුණේ පසුවන්නේ ලී වෙස්ට්වුඩ්ය. “ලී සහ මම ලොව හොඳම ක්‍රීඩකයන් අතර පළමු හා දෙවැනි ස්ථානවලට පත්වීම ඉතා ප්‍රසන්නශීලි හැගීමක් ඇති කරවූ දෙයක්” කේමර් වැඩිදුරටත් සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා