ඇමැතිවරු ඇවිත් නැත්නම් නියෝජ්‍ය ඇමැතිවරු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

ඇමැතිවරු ඇවිත් නැත්නම් නියෝජ්‍ය ඇමැතිවරු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ඇමැතිවරුන් නැතිනම් නියෝජ්‍ය ඇමැතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස උපදෙස් දෙන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) දැනුම් දුන්නේ ය.

කථානායකවරයා එසේ දැනුම් දුන්නේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට එම ඇමැතිවරුන් සභාවේ නැති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දෙනු ලැබීම නිසා ය. මේ අවස්ථාවේ නැඟී සිටි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා එන්න කියා උපදෙස් දීලා තිබෙනවා. පැමිණෙන්නේ නැත්නම් මට බලෙන් අරන් එන්න බැහැ. මා ඒ බව ඔබතුමාට ගෞරවයෙන් ප්‍රකාශ කරනවා යැයි පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා