මාස 7යි රු. කෝටි 560යි

මාස 7යි රු. කෝටි 560යි

ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ආදායමක්

ගතවූ මාස හතක කාලය තුළ රුපියල් කෝටි 560 ක වාර්තාගත ආදායමක් ලබා ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වෙයි. එක් වසරක මුල් මාස හතක කාලයේදී ළඟාකර ගත් ඉහළම ආදායම මෙය බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කරයි. පසුගිය වසරේ මුල් මාස හතේදී රුපියල් මිලියන 4707 ක ආදායමක් ලබා ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත්ව තිබෙන අතර මේ වසරේ එම කාලය තුළ සියයට 21 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 5599 ක් උපයා ගැනීමට හැකි වී තිබෙන බව ද, හෙතෙම පෙන්වා දෙයි.

රාජ්‍ය අංශයේ ව්‍යාපාරික ආයතනයක් වශයෙන් මෙවැනි ඉහළම ආදායමක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවත් එය තව තවත් වර්ධනය කර ගැනීම අපේක්ෂාව බවත් හෙතෙම සඳහන් කරයි. පසුගිය ජූලි මාසයේදී පමණක් රුපියල් මිලියන 882.60 ක ආදායමක් ලබා ඇති අතර එයද එක් මසක් තුළ ලැබූ ඉහළම ආදායම බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

මේ අතර පසුගිය වසරේ කෝටිපතියන් 15 ක් බිහිකළ බව සිහිපත් කරන චමින්ද අතුළුවගේ මහතා එම සංඛ්‍යාව මේ වසරේ මුල් මාස හතක කාලයේදී බිහිකිරීමට සමත්ව තිබෙන බව ද කියා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා