විදුලි සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

විදුලි සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

හිඟ වැටුප් ප්‍රශ්නය මුල් කර ගනිමින් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තිස් තුනක් එක්ව සැප්තැම්බර් 07 වැනි දා දවල් 12 සිට රාත්‍රී 8.00 දක්වා වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත. 2009 වසරේ සිට විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිඟ වැටුප් ලබා නොදීම පිළිබඳ ඇමැතිවරයා නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව වෘත්තීය සමිති පවසති.

මේ ගැටලුව පිළිබඳ මීට පෙරත් ඇමැතිවරයා ඇතුළු විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරින් දැනුවත් කළත් එයින් ඵලක් නොවූ නිසා මෙවැනි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට තීරණය කොට ඇත. එම වෘත්තීය ක්‍රියාමාර්ගයේදී විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බවත් ඒ සඳහා විදුලිබල ඇමැතිවරයා වගකිවයුතු බවත් වර්ජනයට එක්වන වෘත්තීය සමිති පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා