ශ්‍රී ලංකාවේ උසම තැනක පිහිටි ඉපැරැණිම ජනාවාසය හල්දුම්මුල්ලේ

ශ්‍රී ලංකාවේ උසම තැනක පිහිටි ඉපැරැණිම ජනාවාසය හල්දුම්මුල්ලේ

ශ්‍රී ලංකාවේ උසම ස්ථානයක පිහිටි මානව ජනාවාසය හල්දුම්මුල්ල කොස්වත්ත ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. එය වසර 3500ක් තරම් ඉපැරැණිය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් හල්දුම්මුල්ල සුසාන ගර්භවල මේ දිනවල සිදුකරන දෙවැනි අදියරේ කැණීම් කටයුතුවලදී මේ කරුණු අනාවරණය කරගෙන තිබේ.

දැනට නිවාස දෙකක අඩිතාලම් සොයාගෙන තිබේ. මෙහිදී රතු වර්ණ මැටි බඳුන්, මැටි පබළු, යකඩ නිර්මාණ, අවශේෂ, මැටියෙන් නිර්මාණ කළ කව හමුවී ඇත. බෑවුම් සහිත ප්‍රදේශයක් වන මෙම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 850ක් පමණ උසින් පිහිටා ඇත. දැනට සොයා ගෙන ඇති උසම ස්ථානයක කැනීම් කර ඇති මානව ජනාවාසය මෙය බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

මෙම ස්ථානය තුළ තවත් මෙවැනි නිවාස අත්තිවාරම් ඇති බවට සැක කරන අතර, මැටි පබළු වැනි ද්‍රව්‍ය ආදී මානවයන් අලංකාරය සඳහා භාවිතා කළේ යැයි විශ්වාස කෙරේ. මෙම හල්දුම්මුල්ල සුසාන ගර්භවල කැනීම් කටයුතු කිරීම පසුගිය වසරේ ආරම්භ කළ අතර, දෙවන අදියර තවත් සති දෙකකින් නිමා කිරීමට පුරාවිද්‍යා අංශය බලාපොරොත්තු වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා