ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිසියේ 4500කට දින තුනක නිවාඩුවක්

ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිසියේ 4500කට දින තුනක නිවාඩුවක්

මහනුවර ඇසළ පෙරහර විශේෂ රාජකාරි සඳහා යොදවනු ලැබූ සියලුම පොලිස් නිලධාරීන්ට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා නිර්දේශ කර තිබේ. පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවලට බාධා නොවන අයුරින් මේ නිවාඩු දින තුන ලබා ගැනීමට හැකි බැව් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතා පවසයි.

හාරදහස් පන්සියයක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පෙරහර රාජකාරි සඳහා යොදවා තිබූ අතර මේ නිලධාරීන් සමස්තයක් ලෙස සිය රාජකාරිය උපරිමයෙන් ඉටු කිරීම හේතුවෙන් එය ඇගයීමක් ලෙස මේ විශේෂ නිවාඩුව ලබා දීමට පියවර ගෙන ඇත. මේ අතර වෙනත් වර්ෂවලට සාපේක්ෂ පෙරහර රාජකාරි සඳහා මෙවර යොදවනු ලැබූ නිලධාරීන් ප්‍රමාණය 40% කින් පමණ අඩු කර තිබුණද කිසිදු ගැටලුවකින් තොරව ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා