වැලිකන්ද සේනාසනයේ ඉඩම් වන සංරක්ෂණයට ගනී

වැලිකන්ද සේනාසනයේ ඉඩම් වන සංරක්ෂණයට ගනී

භික්ෂුන් වහන්සේ විසිනමක් මහ පාරේ

තුල්හිරිය වැලිකන්ද ආරන්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේ ඉවත්කර එම භූමියේ අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

අධිකරණ නියෝගයක් මත මේ කටයුතු සිදු කෙරී ඇති බව වාර්තාවේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැලිකන්ද රජයේ රක්‍ෂිතයේ මීට වසර විසිහතකට පෙර මේ සේනාසනය ආරම්භ කර තිබුණි. සාමණේර භික්ෂුන් වහන්සේ දහඅ නමක් හා වැඩිහිටි ස්වාමීන් වහන්සේ දෙනමක් දැනට මෙහි වසති.

ආරණ්‍ය සේනාසනයට අනුබද්ධව ඉරුදින දහම් පාසලක් ද පවත්වාගෙන යන අතර, ප්‍රදේ්ශයේ දරු දැරියෝ එකසිය පනහක් පමණ මෙයින් දහම් අධ්‍යාපනය ලබති. ඔවුහු ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල තරගවලින් මෙන්ම සමස්ත ලංකා තරගවලින් ද ජයග්‍රහණ හිමිකර ගෙන ඇත.

වැලිකන්ද රජයේ රක්ෂිතයේ පිහිටි මේ ආරණ්‍ය සේනාසනය සඳහා රජයේ මිනුම්දෝරුවන් මැණුම්කර ඇති ප්‍රමාණය හෙක්ටයාර 4.277 කි. මේ භූමිය විහාරස්ථානයට පවරා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් වසර ගණනාවක සිට ඉල්ලීම් කර ඇති අතර, අක්කර දෙකක ප්‍රමාණයක් පමණක් ලබා දීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇත. එහෙත් මේ සෙනසුනේ භාවනා කුටි හෙක්ටයාර 4.277 ක භූමි ප්‍රදේ්ශය පුරා පැතිර ඇති බැවින් එම ඉල්ලීමට සෙනසුනේ විහාරාධිපති උස්සාපිටියේ පඤ්ඤරංසි හිමියෝ එකඟ නොවූහ.

ඒ අනුව අධිකරණයේ නඩු පවරා එම තීන්දු මත ස්වාමින් වහන්සේ ඉවත්කර එම භූමිය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී තිබේ.

අධිකරණ තීන්දුව මත එම භූමියෙන් ඉවත් කළ සෙනසුනේ හිමිවරු භාවිතා කළ ලී බඩු, දහම් පාසල් උපකරණ, බුදුපිළිම වහන්සේ හා ධාතු කරඬුව ප්‍රදේශවාසින් හා දහම් පාසල් සිසුන් පැමිණ කුරුණෑගල - කොළඹ මාර්ගයේ වාරියගොඩ ප්‍රදේශයේ ඉදිකළ තාවකාලික මඩුවකට ගෙන ගොස් තිබේ.

දැනට අවතැන්වී ඇති ස්වාමින්වහන්සේට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා වරකාපොල ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා