මිස්ටර් හී මෑන් තරගය හෙට ගාල්ලේදී

මිස්ටර් හී මෑන් තරගය හෙට ගාල්ලේදී

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගාල්ල ලක්මිණී ක්‍රීඩා සමාජය සංවිධානය කරන “හී මෑන් අයෝමය සූරයා 2011” තේරීමේ තරගය හෙට (25) පස්වරු 4.00 නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කොටුව හෝල්ඩ් ඩී ගෝල්ඩ් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කිලෝ ග්‍රෑම් 55, 65, 70, 80 සහ 85 ට වැඩි වශයෙන් බර පන්ති යටතේ තරග පැවැත්වෙන අතර තරගාවලියේ මූලික වටයේ තරග එදින පෙරවරු 8.00 ට පැවැත්වීමට නියමිතය.

මේ තරගයට සමගාමීව දකුණු පළාත් අයෝමය ශූරයා තේරීමේ තරගයද පැවැත්වේ. තරගයේ ජයග්‍රාහකයන්ට කුසලාන හා සහතික පත් ප්‍රදානය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා