විදුලි හා ඉංජිනේරු රෙජිමේන්තුව සූරතාව දිනා ගනියි

යුද හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරගාවලිය

විදුලි හා ඉංජිනේරු රෙජිමේන්තුව සූරතාව දිනා ගනියි

යුද හමුදා අන්තර් රෙජිමේන්තු ‘ස්කොෂ්’ තරගාවලියේ සමස්ත පිරිමි සූරතාව දිනා ගැනීමට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සමත්විය. අනු සූරතාව ගජබා රෙජිමේන්තුව විසින් දිනා ගනු ලැබීය. කාන්තා ඒකක තරගාවලියේ දී සූරතාව දිනා ගැනීමට 6 වන කාන්තා බළකායේ එස්.ඒ. දිල්හානි සමත් වූ අතර එහි අනුසූරිය බවට 5 වන කාන්තා බළකායේ වී.ඒ.කේ. අනූෂා දමයන්ති සමත් වූවාය.

කණ්ඩායම් තරගයේ දී සූරතාව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට හිමිවූ අතර අනුසූරතාව පාබල හමුදා කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.

තරග ප්‍රතිඵල

අවුරුදු 45ට වැඩි පිරිමි – 1. ඩබ්ලිව්.එල්. පේ‍්‍රමසිරි 2. පී.ටී.එම්. ද සිල්වා

අවුරුදු 35ට වැඩි පිරිමි – 1. ඩබ්ලිව්.එල්. වික්‍රමසිංහ (ගජබා) 2. සී.එම්. තලගල (පාබල හමුදා)

විවෘත කාන්තා - 1. එස්.ඒ.එස්. සමන්ති (4 වන බළකාය) 2. කේ.ආර්.එන් දිල්රුක්ෂි (5 වන බළකාය)

විවෘත පිරිමි – 1. ඩබ්ලිව්.එල්. වික්‍රමසිංහ (ගජබා) 2. කේ.එම්. චමින්ද කුමාර (විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු)

රෙජිමේන්තු 17ක් සහභාගි වෙමින් දින දහයක් පුරා හෝමාගම පනාගොඩ යුද හමුදා ශාරිරික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථාන ‘ස්කොෂ්’ ක්‍රීඩා පිටියේදී තරගාවලිය පැවැති අතර ජය සංකේත ප්‍රදානය යුද හමුදා භට කාර්ය සම්පාදක ආඥාපති මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට යුද හමුදා ස්කොෂ් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් තිස්ස ජයසූරිය මහතා ද එක්විය.

යුද හමුදා ස්කොෂ් පිරිමි සූරතාව දිනු විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම හා කාන්තා සූරතාව දිනූ 6 වන කාන්තා බළකායේ කණ්ඩායම මේජර් ජෙනරාල් ජානක රත්නායක, බ්‍රිගේඩියර් තිස්ස ජයසූරිය මහත්වරු සමඟ. ඡායාරූප - මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා