දහතුන් වැනි ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මාතරදී

දහතුන් වැනි ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මාතරදී

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බෞද්ධ පාසල් අට වන කොළඹ ආනන්ද, නාලන්ද, පන්නිපිටිය ධර්මපාල, කුරුණෑගල මලියදේව, මහනුවර ධර්මරාජ, අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල මහින්ද සහ මාතර රාහුල විද්‍යාලයන් නියෝජනය කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තරග වදින හෙන්රි ස්ටීන් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මාතර උයන්වත්ත පිටියේදී දෙසැම්බර් මස 2, 3 සහ 4 යන දිනයන්හි පැවැත්වේ.මෙවර මේ තරගාවලිය මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ රාහුල ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා