ග්‍රාමීය සංවර්ධනයේ සැබෑ නියමුවා ජනපති

ග්‍රාමීය සංවර්ධනයේ සැබෑ නියමුවා ජනපති

ග්‍රාමීය සංවර්ධනයේ හැරවුම් ලක්ෂය ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මේ රටේ හිටපු සෑම නායකයෙක්ම නගරය ගැන කල්පනා කළා මිස ගම ගැන සිතුවේ නැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති නොවන්නට අද ගමේ මාර්ග කාපට් වෙන්නේ නැති බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ රුපියල් මිලියන 25ක වියදමින් දික්වැල්ල දඹගස්ආර ගම්මානයේ මාර්ග කාපට් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගිවෙමිනි.

සපිරි ගමක් සුපිරි රටක් ගොඩනැගිම සඳහා මහින්ද චින්තනය ගෙන යන වැඩපිළිවෙළ යටතේ මේ රටේ සියළුම ගම්මාන සංවර්ධන වෙමින් පවතින බවත් අලහප්පෙරුම මහතා කීවේය. ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපනය නංවාලමින් ගම්මාන භෞතික සම්පත් සංවර්ධනය රජයේ වැඩපිළිවෙළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ගමේ දරුවන් අනාගත නායකයන් බවට පත් කිරීමේ පළමු වෙඩිමුරය රජය තබා ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කීය.
දකුණු පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතාද මේ අවස්ථාවට සහභාගී විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා